කලවාන ප්‍රාදේශීය සභාව ඔබ සාදරයෙන් පිලිගනියි.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත යෝජිත ප්රතිසංස්කරණයෙන් පසු
සභා කාර්යාලයීය ගොඩනැගිල්ල
ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලත් සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කුකුළු කෝරලයේ මැද පත්තුව හා උඩ පත්තුව තුළ සිංහරාජ ලෝක උරුමයට මායිම් ව වර්ග කිලෝමීටර් 263.84 ක වර්ග ප්‍රමාණයක් පුරා කලවාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා ඇත. සමස්ත බල ප්‍රදේශය තුළ විවිධ ජාතීන්ට අයත් 53151 ක මුළු ජනගහනයක් විහිද පවතින අතර ග්‍රාම නිලධාරී වසම් 33 කින් ආවරණය වේ. තේ කර්මාන්තය හා මැණික් කර්මාන්තය ප්‍රධාන ආර්ථිකය කොට ගත් මෙම ප්‍රදේශය තුළ රාජ්‍ය ආයතන සහ රජයේ පාසල් කිහිපයක් පවතී. ඒ අනුව ප්‍රධාන නගරය කේන්ද්‍රකොට ගෙන විවිධ අවශ්‍යතා මූලික කොටගෙන විශාල ජන ගහනයක් දිනකට සංසරණය වේ.
ගරු සභාපතිතුමාගේ පණිවිඩය :
කුකුළු කෝරළයේ උඩ පත්තුව , මැද පත්තුව ලෙස නියෝජනය වන කලවාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත් වන සමස්ත ප්‍රජාවගේ ආර්ථික, සාමාජිය, සංස්කෘතික,අධ්‍යාපනික හා අධ්‍යාත්මික අංශයන්ගේ දියුණුව උදෙසා රජයේ විවිධ අරමුදල් යටතේ ලැබෙන්නා වූ සියළු ප්‍රතිපාදන නිසි පරිදි කළමනාකරණය තුළින් සමෘර්ධිමත් ග්‍රාම රාජ්‍යයක් බිහි කිරීම උදෙසා සියළු සංවර්ධන ප්රවාහයන් කේන්ද්‍රගත කර ගනිමින් ප්‍රජාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇප කැපව ක්රියාකිරීමත්, සීඝ්රයෙන් දියුණු වන ලෝකය හා බද්ද වීමට තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනයද අප සභාව සදහා යොදා ගැනීම තුළින් විධිමත් වූ සේවා සපයන ආයතනයක් බිහිකිරීමෙන් ජනතාව වෙත කඩිනම් සේවාවක් ලබා දීම මාගේ අරමුණයි. සියලු ප්‍රජාවට සුභ අනාගතයක් මා ප්‍රාර්ථනා කරමි.
කේ .වී.එස්.චාමින්ද ඉන්ද්‍රප්‍රිය මැතිතුමා
සභාපති
කලවාන ප්‍රාදේශීය සභාව
ලේකම්තුමාගේ පණිවිඩය:
කලවාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතනයක් වශයෙන් විධිමත් වූ කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සපයා දීම ප්‍රධානම අරමුණ වන අතර, මේ සඳහා දායක කර ගත හැකි එක් පහසුකමක් වශයෙන් නවීන තාක්ෂණය හා බද්ධ වෙමින් තොරතුරු පද්ධතියක් ආරම්භ කරලීම දැක්විය හැකිය. මෙමගින් සමස්ථ ප්රජාවසඳහාම වඩාත් ඵලදායී ආකර්ශනීය සේවාවක් සැපයිය හැකි බව මාගේ විශ්වාසයයි.
ජී.යූ.එම්.සී.සිරිවර්ධන
ලේකම්
කලවාන ප්‍රාදේශීය සභාව
දව්ගලගම, නැකතිමුල්ල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ
සුරතින් 2014 ජූනි 11 වන ජනතා අයිතියට පත්විය.
මෙහෙවර ප්‍රකාශය
පලාත් පාලන ආයතනයක් වශයෙන් බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් හා පොදු උපයෝගිතා සේවා ඉටුකරමින්, පොදු මංමාවත් තැනීම, වැඩි දියුණුව හා නඩත්තු සමඟ ජනතා සුවපහසුව , සුභ සාධනය, පහසුකම් සුරැකීම හා වැඩි දියුණු කිරීම පිණිස අවශ්‍ය විධිමත් කර පවත්වා ගෙන යාම කලවාන ප්‍රාදේශීය සභාවේ මෙහෙවර වන්නේය.